මොකක්ද මේ FBS පරීක්ෂණය?
FBS (Fasting Blood Sugar — නිරාහාර රුධිරයේ සීනි පරික්ෂාව) යනු ඔබ පැය 8–10 ක් නිරාහාරව සිට ගත් රුධිර සාම්පලක ග්ලූකෝස් (සීනි) ප්‍රමාණය මනින පරීක්ෂාවකි. මෙය බහුලවම බාවිතා වන රුධිර පරීක්ෂාවන්ගෙන් එකකි.
මෙම පරීක්ෂණය කිරීමට පෙර පැය කීපයක් ඔබ ආහාර නොගෙන සිටි නිසා, ආහාර වලින් ස්වාධීනව — ශරීරය රුධිරයේ සීනි කළමනාකරණය කරන ආකාරය මෙම පරීක්ෂණයෙන් පෙන්නුම් කරයි. ඒ නිසා, රුධිර සීනි පාලනයේ ගැටළු හඳුනාගැනීම සඳහා මෙම පරීක්ෂණය බාවිතා කරයි.
මෙම පරීක්ෂණයේ ප්‍රයෝජන
FBS පරීක්ෂණය කුමන අවස්ථාවල සිදු කල යුතුද?
1. දියවැඩියාවේ ලක්ෂණ ඇත්නම්
ප්‍රමාද නොකරන්න — පහත ලක්ෂණ ඇත්නම් හැකිය ඉක්මනින් පරීක්ෂණය කරගන්න:
2. රෝග ලක්ෂණ නොමැති වුවද පහත අවස්ථාවලදී මෙම පරීක්ෂණය නිර්දේශ කෙරේ.
දියවැඩියාව සහ පූර්ව දියවැඩියාව බොහෝ විට රෝග ලක්ෂණ නොපෙන්වයි. එනිසා American Diabetes Association (ADA) සහ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) හි මාර්ගෝපදේශ පදනම් කරගෙන, වයස සහ අවදානම් සාධක අනුව දියවැඩියාව කලින් හදුනාගැනීමේ අරමුණින් මෙම පරීක්ෂණය නිර්දේශ කරයි. මෙම ක්‍රියාවලිය ස්ක්‍රීනිං (screening) ලෙස හැදින්වේ.
| ස්ක්‍රීනිං කළ යුත්තේ කාවද? | ස්ක්‍රීනිං කිරීම ආරම්භ කළ යුත්තේ කවදාද? |
|---|---|
| සියලු වැඩිහිටියන් (සාමාන්‍ය ජනතාව) | වයස අවු: 35 න් පසු |
| අධික බර / තරබාරු + වෙනත් අවදානම් සාධකයක් ඇත්නම් | දැනගත් අවස්ථාවේ |
| අවු: 50–60 ට පෙර දියවැඩියා රෝගය සෑදුන ළගම ඥාතීන් (දෙමාපිය, සහෝදර, දරුවා) සිටින පවුලේ රෝග ඉතිහාසයක් ඇති අය | තරුණ වයසෙන් ආරම්භ කරන්න. වසර 1–3 ට වරක් නැවත පරීක්ෂණය කරන්න |
| අවු: 60න් පසු දියවැඩියාව වැළදුණු ඥාතීන් පමණක් සිටින පවුලේ රෝග ඉතිහාසයක් ඇති අය | අඩු අවදානමකි — 35 සිට සාමාන්‍ය පරිදි ස්ක්‍රීනිං කිරීම ප්‍රමාණවත්ය |
| අධි රුධිර පීඩනය ඇති අය | මුලින්ම අධි රුධිර පීඩනය හදුනාගත් අවස්ථාවේ, ඊට පසු වසරකට වරක් |
| ගර්භණී අවස්ථාවේ දියවැඩියාව තිබූ අය | දරු ප්‍රසූතියෙන් සති 6–12 කට පසු, ඉනික්බිති වසර 1–3 කට වරක් |
| ශාරීරිකව අක්‍රිය ආසනගත ජීවන රටාවක් ඇති අය | කලින් ස්ක්‍රීනිං පටන් ගත යුතුය (අධික බරක් ඇත්නම් විශේෂයි) |
3. දියවැඩියාව තහවුරු කිරීම සඳහා
ඔබේ FBS ප්‍රතිඵලය ≥126 mg/dL (7.0 mmol/L) නම්, එය දියවැඩියා පරාසයේ ය. කෙසේ වෙතත්, සාමාන්‍යයෙන් එක පරීක්ෂණ ප්‍රතිඵලයකින් රෝග නිර්ණයක් තහවුරු කළ නොහැකිය. ඒ සඳහා:
4. දැනටමත් දියවැඩියාව ඇත්නම් රෝග පාලනය අධීක්ෂණය සදහා මෙම පරීක්ෂණය බාවිතා වේ.
දැනටමත් දියවැඩියාව ඇත්නම්, FBS පරීක්ෂණය ඔබගේ ප්‍රතිකාර ගැලපෙන ආකාරයට වෙනස් කිරීමට ද, ඔබගේ රෝග තත්වයේ පාලනය ඇගැයීමට ද ක්‍රමාණුකූලව බාවිතා කරයි. නමුත් එහි සීමාවන් ද දැනගත යුතුය:
FBS පරීක්ෂණයට සූදානම් වන්නේ කෙසේද?
නිවැරදි ප්‍රතිඵලයක් ලබා ගැනීමට නිසි සූදානම අත්‍යවශ්‍ය වේ. නිරාහාරව නිසියාකාරව සිටීමේ අඩුපාඩු, FBS ප්‍රතිඵලය නිරවද්‍ය නොවීමට ඇති ප්‍රධාන හේතුවකි.
නිරාහාරව සිටින කාලය තුළ දී ඔබට නිර්දේශ කර ඇති ඖෂධ සම්බන්ධයෙන් කළ යුත්තේ කුමක්ද?
FBS පරීක්ෂණයට සූදානම් වීමේ දී ඉතාමත් වැදගත් — සහ බොහෝ විට වැරදි ලෙස වටහා ගනු ලබන — කාරණයකි මෙය. ඖෂධ වර්ගය අනුව පිළිතුර වෙනස් වේ.
පරීක්ෂණයෙන් පසු, ආහාර ගත් පසු ඒවා ලබා ගන්න.
එසේ කල යුත්තේ ඇයි? නිරාහාර කාලයේදී දියවැඩියා ඖෂධ ගැනීමෙන් රුධිර සීනි කෘත්‍රිමව අඩු වේ. ඒ නිසා:
• ප්‍රතිඵලය ව්‍යාජ ලෙස අඩු වේ — රෝගයේ පාලන මට්ටම පිළිබද වැරදි පින්තුරයක් මැවේ.
• ඊටත් වඩා භයානක ප්‍රථිපලයක් වන්නේ රුධිරයේ සීනි මට්ටම හානිකර ලෙස අඩු වීමට ඇති හැකියාවයි.
අධි රුධිර පීඩනයට දෙන ඖෂධ (amlodipine, losartan, atenolol ආදිය) සහ කොලෙස්ටෙරෝල් ඖෂධ (statins ආදිය) රුධිර ග්ලූකෝස් මට්ටමට සැලකිය යුතු ලෙස බලපාන්නේ නැත. ඒවා නිරාහාර කාලය තුළ ගැනීම ආරක්ෂිතයි.
පරීක්ෂණ වාර්තාව සහ ඔබේ ප්‍රතිඵලය තේරුම් ගැනීම
රුධිර සාම්පලය
සාමාන්‍යයෙන් වැලමිටේ නහරයකින් ලබා ගන්නා රුධිර සාම්පලයක් නළයකට රැගෙන රසායනාගාරයට යවනවා. ප්‍රතිඵල සාමාන්‍යයෙන් පැය කිහිපයකින් හෝ එදින සවස නිකුත් කෙරේ.
පරීක්ෂණ වාර්තාව
ඔබේ වාර්තාවේ ප්‍රතිඵලය ඒකක වර්ග දෙකකින් ලබා දිය හැකිය:
දෙකම එකම අගය වේ — නමුත් වෙනස් ඒකක වලින් වේ. ශ්‍රී ලංකාවේ බොහෝ විට mg/dL භාවිතා කෙරේ.
යොමු අගයන්
| කාණ්ඩය | mg/dL | mmol/L |
|---|---|---|
| සාමාන්‍යය | <100 | <5.6 |
| පූර් ව දියවැඩියාව | 100 – 125 | 5.6 – 6.9 |
| දියවැඩියාව | ≥126 | ≥7.0 |
දියවැඩියාව නැති නම්
| ප්‍රතිඵලය | තේරුම | කළ යුත්තේ |
|---|---|---|
| <100 mg/dL | සාමාන්‍ය | නියමිත ස්ක්‍රීනිං පටිපාටිය අනුගමනය කරන්න |
| 100 – 125 mg/dL | පූර් ව දියවැඩියාව (අවදානම් තත්වයේ) | ජීවන රටාව වෙනස් කිරීම + මාස 3–6 කින් නැවත පරීක්ෂා කිරීම |
| ≥126 mg/dL | දියවැඩියාව විය හැකිය | නැවත FBS හෝ HbA1c / OGTT සිදු කිරීම මගින් තහවුරු කරන්න |
දියවැඩියාව ඇත්නම්
| ප්‍රතිඵලය | අදහස |
|---|---|
| 80 – 130 mg/dL (4.4 – 7.2 mmol/L) | ✅ ඉලක්ක ගත පරාසය ඇතුළේ — හොඳ රෝග පාලන තත්වයක් |
| ඉලක්ක ගත පරාසයෙන් ඉහළ | ⚠️ ප්‍රතිකාරය වෙනස් කිරීම අවශ්‍ය විය හැකිය — ඔබේ වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කරන්න |
| <70 mg/dL (<3.9 mmol/L) | 🚨 රුධිරයේ සීනි අනතුරුදායක ලෙස අඩුවීම අවදානමක් ඇත — වෛද්‍ය උපදෙස් ලබා ගන්න |
ඔබ නැවත FBS පරීක්ෂණය කළ යුතුද? තීරණය කරන්නේ මෙහෙමයි.
| තත්ත්වය | නිර්දේශය |
|---|---|
| සාමාන්‍ය FBS, අවදානම් සාධක නැහැ | වයස අවු. 35 සිට වසර 1–3 ට වරක් |
| සාමාන්‍ය FBS, නමුත් අවදානම් සාධක ඇත | වසර 1–2 ට වරක් හෝ වෛද්‍ය උපදෙස් අනුව |
| පූර් ව දියවැඩියාව | මාස 6–12 කට වරක් |
| දියවැඩියාව — හොඳ පාලනයක් | මාස 1–3 කට වරක් |
| දියවැඩියාව — දුර්වල පාලනයක් සහ/හෝ ප්‍රතිකාර වෙනස්කිරීමක් කිරීමෙන් පසු | ඔබේ වෛද්‍යවරයා නිර්දේශ කළ ලෙස |
ඔබේ FBS ප්‍රතිඵලය පූර් ව-දියවැඩියා පරාසයේ ඇත්නම්, නිතිපතා අධීක්ෂණය සහ ජීවන රටාව වෙනස් කිරීම (සෞඛ්‍ය සම්පන්න ආහාර ක්‍රම, ව්‍යායාම, බර අඩු කර ගැනීම) මගින් සම්පූර්ණ දියවැඩියාව වෙත ගමන් කිරීමේ අවදානම සැලකිය යුතු ලෙස අඩු කරගන්න පුළුවන්. එනිසා මෙම සීමාවේ ප්‍රතිඵලයක් නොසලකා හරින්න එපා.
වැරදි සහ ඒවා වළක්ව ගන්නා ආකාර
-
නිසියාකාරව නිරාහාරව නොසිටීම — නිරාහාර කාලයේ තේ, කෝපි, බිස්කට් හෝ දුම්පානය ප්‍රතිඵලය දෝෂ සහිත කරයි. ආහාර සුළු ප්‍රමාණයක් වුවත් සීනි සහිත බීමක් වැනි දෙයක් වුවත් රුධිරයේ සීනි මට්ටම ඉහළ දමයි. එවිට FBS පරීක්ෂාව නැවත කළ යුතු වේ.
-
නිරාහාර වේලාවේ දියවැඩියා ඖෂධ ගැනීම — රුධිර සාම්පලය ලබා ගැනීමට පෙර ලබා ගත් දියවැඩියා පෙති හෝ ඉන්සියුලින් පරීක්ෂණයේ ප්‍රතිඵලය අඩු කරයි, රෝග පාලනයේ සත්‍ය ස්වභාවය වෙනස් කරයි. එසේම නිරාහාර කාලයේ එම ඖෂධ ගැනීමෙන් භයානක මට්ටමේ රුධිරයේ සීනි අඩු වීමක් ඇති විය හැකිය.
-
පූර් ව දියවැඩියාව (සීමාවේ ප්‍රතිඵලය) නොසලකා හැරීම — නිරාහාර රුධිරයේ සීනි මට්ටම පෙර-දියවැඩියා පරාසයේ (100–125 mg/dL) ඇත්නම් එය බරපතල අනතුරු ඇඟවීමකි. අවශ්‍ය ක්‍රියාමාර්ග නොගත්නොත් පූර් ව දියවැඩියාව ඇති බොහෝ දෙනෙකුට වසර කිහිපයක් ඇතුළත දියවැඩියාව ඇතිවේ.
- FBS, දියවැඩියාව සහ පූර් ව දියවැඩියා රෝග නිර්ණය කිරීමට සහ එම තත්ත්ව වල පාලනය අධීක්ෂණය කිරීමට භාවිතා කරන ප්‍රධාන පරීක්ෂාවකි
- පරීක්ෂාවට පෙර පැය 8–10 ක් නිරාහාරව සිටින්න — සාමාන්‍ය ජලය පානය කළ හැකිය
- රුධිර සාම්පලය ලබා ගැනීමට පෙර දියවැඩියා පෙති හෝ ඉන්සියුලින් නොගන්න
- අධි රුධිර පීඩන සහ කොලෙස්ටෙරෝල් සඳහා දෙන ඖෂධ සාමාන්‍ය පරිදි ගත හැකිය
- ≥126 mg/dL ප්‍රතිඵලයක් දියවැඩියා රෝග නිර්ණය කිරීමට පෙර තහවුරු කළ යුතුය
- ස්ක්‍රීනිං 35 සිට ආරම්භ කළ යුතුය, අවදානම් සාධක ඇත්නම් ඊට කලින් ආරම්භ කරන්න
- පූර් ව දියවැඩියාව අනතුරු ඇඟවීමකි — ජීවන රටාව වෙනස් කිරීමෙන් දියවැඩියාවෙන් ගැලවිය හැකිය
- ඔබේ ප්‍රතිඵල සෑමවිටම ඔබේ වෛද්‍යවරයා සමඟ අර්ථකථනය කරන්න