මොකක්ද මේ PPBS පරීක්ෂණය?
PPBS (Postprandial Blood Sugar — ආහාරයෙන් පසු රුධිරයේ සීනි පරීක්ෂාව) යනු ඔබ ආහාරය ගැනීම ආරම්භ කර පැය 2 කට පසු ලබා ගත් රුධිර සාම්පලක ග්ලූකෝස් (සීනි) ප්‍රමාණය මනින පරීක්ෂාවකි. ආහාරයෙන් ශරීරයට ලැබෙන සීනි ශරීරය විසින් පාලනය කර ගන්නේ කෙසේද — ඒ කියන්නේ ශරීරයේ ඉන්සියුලින් හෝමෝනයේ ක්‍රියාකාරිත්වය කෙසේද — කියා පෙන්නුම් කරයි.
FBS (නිරාහාර රුධිරයේ සීනි) පරීක්ෂාව පෙන්නුම් කරන්නේ නිරාහාරව සිටින විට රුධිරයේ සීනි පාලනය වන ආකාරයයි, PPBS පරීක්ෂාව පෙන්නුම් කරන්නේ ආහාර ගැනීමෙන් පසු රුධිරයේ සීනි පාලනය වන ආකාරයයි. ඒ නිසා FBS හෙළිදරව් නොකරණ ආහාර ගැනීමෙන් පසු ඇතිවන සීනි මට්ටමේ අසාමාන්‍යතා හෙළිකර ගැනීමට PPBS ප්‍රයෝජනවත් වේ.
PPBS පරීක්ෂණය කුමන අවස්ථාවල සිදු කල යුතුද?
PPBS, දියවැඩියාව රෝග නිර්ණය කිරීමේ ප්‍රාථමික/ සම්මත පරීක්ෂාවක් නොවේ. නමුත් පහත අවස්ථාවලදී ප්‍රයෝජනවත් වේ.
1. දියවැඩියා පාලනය නිරීක්ෂණය කිරීම සඳහා
දැනටමත් දියවැඩියාව ඇති රෝගීන්ට, PPBS පරීක්ෂණය ඉතා වැදගත් නිරීක්ෂණ මෙවලමකි. ආහාරයෙන් පසු රුධිරයේ සීනි කෙතරම් සාර්ථකව පාලනය වනවාද කියා FBS පරීක්ෂණයෙන් පමණක් සෑම විටම නිවැරදිව දැනගත නොහැකිය.
2. FBS සීමාරේඛාවේ (Borderline) ඇති විට
FBS ප්‍රතිඵලය සුළු ලෙස ඉහළ ගොස් ඇත්නම් හෝ සාමාන්‍ය ඉහළ සිමාවේ ඇති විට, PPBS පරීක්ෂණයෙන් ආහාරයෙන් පසු ඇතිවන ඇතැම් සීනි මට්ටමේ අසාමාන්‍යතා ඇත්දැයි පරීක්ෂා කළ හැකිය. නිරාහාර රුධිරයේ සීනි මට්ටම ගැටළු සහිත නොවුවත්, ආහාරයෙන් පසු රුධිරයේ සීනි මට්ටම දැනටමත් ඉහළ ගොස් ඇති නම් ඊළඟ පරීක්ෂාවල අවශ්‍යතාව ගැන තීරණ ගැනීමට PPBS පරීක්ෂණය සහාය වේ.
3. දියවැඩියාවේ ලක්ෂණ ඇති නමුත් FBS සාමාන්‍ය නම්
FBS සාමාන්‍ය වූවත් පහත රෝග ලක්ෂණ ඇත්නම් PPBS පරීක්ෂණය ආරම්භක දියවැඩියා තත්වය හෙළිදරව් කිරීමට උපකාරී වේ:
PPBS පරීක්ෂණයට සූදානම් වන්නේ කෙසේද?
ප්‍රතිඵලය ලැබෙන ආකාරය
PPBS ප්‍රතිඵලය mg/dL (ශ්‍රී ලංකාවේ බහුලව භාවිතා වන ඒකකය) හෝ mmol/L ලෙස ලැබිය හැකිය. මෙම ආකාර දෙකම රුධිරයේ ග්ලූකෝස් ප්‍රමාණය හගවන අතර එකම වෙනස එකිනෙකට වෙනස් ඒකක දෙකක් වීම පමණයි.
PPBS ප්‍රතිඵලය තේරුම් ගන්නේ කෙසේද?
සාමාන්‍ය යොමු අගයන්
| කාණ්ඩය | mg/dL | mmol/L | අර්ථය |
|---|---|---|---|
| සාමාන්‍යය | <140 | <7.8 | ශරීරය ආහාරවලින් ලැබෙන ග්ලූකෝස් නිරෝගීව හසුරවයි |
| පූර් ව දියවැඩියාව විය හැකිය | 140 – 199 | 7.8 – 11.0 | ග්ලූකෝස් පාලනය දෝෂ සහිතයි — වැඩිදුර ඇගයීම අවශ්‍ය |
| දියවැඩියාව විය හැක | ≥200 | ≥11.1 | සම්මත රෝග නිර්ණය පරීක්ෂාවකින් තහවුරු කිරීම අවශ්‍ය |
දියවැඩියාව ඇති රෝගීන් සඳහා PPBS පරීක්ෂණයේ භාවිතාව
දැනටමත් දියවැඩියා රෝගය සදහා කුමන හෝ ප්‍රතිකාර ක්‍රමයක් ලබන රෝගීන් සඳහා, ආහාරයෙන් පසු රුධිරයේ සීනි පාලනය ඇගයීමට PPBS පරීක්ෂණය ප්‍රයෝජනවත්ය. FBS ප්‍රතිපලය සාමාන්‍ය ලෙස ලැබෙන ඇතැම් අවස්ථාවල PPBS හෙළිකරන ග්ලූකෝස් ස්පයික් දැකිය හැකිය.
HbA1c පරීක්ෂණය
පසුගිය මාස 2–3 ක සාමාන්‍ය රුධිරයේ සීනි මට්ටමද,
FBS පරීක්ෂණය
නිරාහාර ස්ථායී මට්ටමද ලබා දෙයි. සම්පූර්ණ චිත්‍රයක් සඳහා පරීක්ෂා තුනම එකවර කිරීම වැදගත් වේ.
PPBS පරීක්ෂාව කුමන කාලයකට වරක් නැවත කළ යුතුද?
| තත්ත්වය | නිර්දේශය |
|---|---|
| දියවැඩියාව නොමැති සෞඛ්‍ය සම්පන්න පුද්ගලයින් | සාමාන්‍ය ස්ක්‍රීනිං ලෙස අවශ්‍ය නොවේ |
| දියවැඩියාව — ආහාර-ශේෂ පාලනය නිරීක්ෂණය | ඔබේ වෛද්‍යවරයාගේ නිර්දේශ අනුව — FBS හා HbA1c සමඟ |
| Borderline FBS / රෝග ලක්ෂණ ඇති විට | ඔබේ වෛද්‍යවරයාගේ නිර්දේශ අනුව නැවත ඇගයීමක් අවශ්‍ය විට |
විශේෂ අවස්ථා
වැරදි සහ ඒවා වළක්ව ගන්නා ආකාර
-
පරීක්ෂාවට පෙර ආහාරය මග හැරීම — PPBS පරීක්ෂාව සිදු කිරීමට ආහාරය ගැනීම අත්‍යවශ්‍ය වේ. ආහාරය මග හැරීමෙන් හෝ ඉතා සුළු ආහාරයක් ගැනීමෙන් ව්‍යාජ හොඳ ප්‍රතිඵලයක් ලැබෙන අතර ඒ ප්‍රතිඵලය ඔබව මෙන්ම වෛද්‍යවරයාද නොමඟ යවයි.
-
නිවැරදි වේලාවට රුධිර සාම්පලය ලබා නොගැනීම — ආහාරය ගැනීම ආරම්භ කර හරියටම පැය 2 ක් ගෙවෙන මොහොතේ රුධිර සාම්පලය ලබා ගත යුතුය. සැලකිය යුතු ලෙස ඊට කලින් හෝ ප්‍රමාදව ලබා ගත් රුධිර සාම්පල් වලින් ලැබෙන ප්‍රතිඵලය නිවැරදිව අර්ථකථනය කළ නොහැකිය.
-
PPBS පරීක්ෂණයෙන් පමණක් දියවැඩියාව නිර්ණය කිරීම — PPBS පරීක්ෂණයේ ≥200 mg/dL ප්‍රතිඵලයෙන් දියවැඩියාව ගැන ඉතා ශක්තිමත් ඉඟියක් ලැබේ, නමුත් ඒ ප්‍රතිඵලයෙන් පමණක් දියවැඩියා රෝග නිර්ණය කළ නොහැකිය. FBS, HbA1c, හෝ OGTT යන පරීක්ෂණයන්ගෙන් තහවුරු කිරීම අවශ්‍ය වේ.
- PPBS පරීක්ෂණය, ආහාරය ගැනීම ආරම්භ කර පැය 2 කට පසු රුධිරයේ සීනි මට්ටම මනිනවා
- ප්‍රධාන භාවිතය: දියවැඩියා රෝගීන්ගේ ආහාරයෙන් පසු සීනි පාලනය නිරීක්ෂණය
- සාමාන්‍ය ආහාරය ගන්න — ආහාරය මග නොහරින්න, විශේෂ/ වෙනස් කල ආහාර නොගන්න
- ආහාරය ගැනීම ආරම්භ කළ මොහොතේ සිට පැය 2 කින් රුධිරය ලබා ගනී
- සාමාන්‍ය PPBS: 140 mg/dL ට අඩු (7.8 mmol/L ට අඩු)
- PPBS පරීක්ෂාවෙන් පමණක් දියවැඩියා රෝග නිර්ණය කළ නොහැකිය
- දියවැඩියාවේ මුල් අවස්ථාවල, FBS අගය සාමාන්‍ය ලෙස ඇති විටත් PPBS ඉහළ ගොස් තිබිය හැකිය