නිවැරදි ඖෂධ, නිවැරදි මාත්‍රාවෙන් ලබා ගන්න.
සති 2කට පසු නැවත ඖෂධ ලබා ගන්න — බෙහෙත් වලින් බිත්තර විනාශ නොවන නිසා බිත්තර වලින් පසුව ජනනය වන නව පණුවන් විනාශ කිරීමට.
කිරි පණු (pinworm) ආසාදනයකදී,
ගෙදර සියල්ලන්ටම එකවර ප්‍රතිකාරය ලබා දෙන්න.
ලංකාවේ දැන් තත්වය — පණු ආසාදන
මෑතක් වන තුරු ශ්‍රී ලංකාවේ ළමයින්ට අනුමත රෝග නිවාරණ ක්‍රමවේදයන්ට අනුව නිතිපතා පණුවන් සඳහා ලබා දෙන ඖෂධ ලබා දීම සිදු වුණා.
නමුත් වර්තමානයේ ශ්‍රී ලංකාවේ:
- වඩා දියුණු සනීපාරක්‍ෂක තත්ත්ව
- වැසිකිළි පහසුකම් වල තත්වය ඉහළ යෑම
- පිරිසිදු ජලය භාවිතය ඉහළ යෑම
මිනිසුන්ට ආසාදනය වන පණු වර්ග
ශ්‍රී ලංකාවේ බහුලව දක්නට ලැබෙන මිනිසුන්ට ආසාදනය වන ප්‍රධාන පණු වර්ග:
-
කිරි පණු (Pinworm) — Enterobius vermicularis
ළමයින්ට බහුලව ආසාදනය වේ. රාත්‍රියේ ගුද ප්‍රදේශය අවට කැසීම ඇති කරයි. ජනවහරේ "කිරිපණු ගාය" ලෙස හදුන්වනු ලැබේ. -
පටි පණු (Roundworm) — Ascaris lumbricoides
වැඩිහිටියන්ට පමණක් නොව ළමයින්ටද ආසාදනය විය හැකිය. -
කොකු පණු (Hookworm) — Ancylostoma duodenale / Necator americanus
රක්තහීනතාවයට හේතුවක් විය හැක.
රෝග ලක්ෂණ — වැදගත් පැහැදිලි කිරීමක්
පණු ආසාදන ඇත්දැයි ලක්ෂණ මගින් පමණක් නිශ්චය කිරීම නිවැරදි ක්‍රමයක් නොවේ.
ඇතිවිය හැකි රෝග ලක්ෂණ:
- උදරයේ අපහසු ගතිය
- ආහාර රුචිය අඩු වීම
- බර අඩු වීම
- ළමයින්ගේ නොරුස්සන ස්වභාවය
- රාත්‍රියේ ගුද ප්‍රදේශය අවට කැසීමක් ඇති වීම
- මල හෝ ගුද ප්‍රදේශය ආශ්‍රිතව කෙලින්ම පණුවන් දැකීම හැර, ඉහත රෝග ලක්ෂණ වලින් ආසාදනය ඇති බව ස්ථිර නොකෙරේ.
- ඉහත ලක්ෂණ — අජීර්ණය, වෛරස් රෝග, ආහාර ගැටළු ඇතුළු ගොඩාක් හේතු නිසාද ඇතිවිය හැකිය.
- ලක්ෂණ ඇති බොහෝ දෙනාට ඇත්ත වශයෙන්ම පණු ආසාදන නොතිබිය හැකිය.
පණු ආසාදනයක් ඇති බව දැනගන්නේ කෙසේද?
රෝග ලක්ෂණ ඇතිනම් හෝ පණු ආසාදනයක් ගැන සැකයක් ඇතිනම්, අදාළ රසායනාගාර පරීක්ෂාවන් කිරීමෙන් ආසාදනය ඇති දැයි නිශ්චිතව දැනගත හැකිය:
-
SFR — Stool Full Report (මල සම්පූර්ණ වාර්තාව)
මල සාම්පලයක් අන්වීක්ෂය මගින් පරීක්ෂා කිරීම — ලංකාවේ ඕනෑම සම්මත රසායනාගාරයකින් කළ හැකිය. -
Tape Test (ටේප් ටෙස්ට්)
කිරි පණුවන් (pinworm) සඳහා කරන පරීක්ෂණයකි. උදයේ නැඟිටීමෙන් පසු, ශරීරය නොසෝදා ගුද ප්‍රදේශය ආශ්‍රිතව අලවන ටේප් එකක් හොදින් අලවා නැවත ගලවා රසායනාගාරයකට ගෙන ගොස් පණු බිත්තර සදහා පරික්ෂා කරනු ලබයි.
පයිරැන්ටල්/ Pyrantel Pamoate (Pyrantrin/ පයිරැන්ට්‍රින්) — කිරි පණුවන් සහ පටි පණුවන් සඳහා වඩා සුදුසු වේ.
Pyrantel — ශ්‍රී ලංකාවේ Pyrantin ලෙස බහුලව ලබා ගත හැකිය — කිරි පණු (pinworm) සහ පටි පණු (roundworm) ආසාදන සඳහා වඩා සුදුසු ප්‍රතිකාරයකි.
| තොරතුර | විස්තරය |
|---|---|
| මාත්‍රාව | 10 mg/kg ශරීර බරට — එක් වරක් |
| උපරිම | 1000 mg |
| වයස් සීමාව | මාස 6 ට වඩා වයසින් වැඩි ළමයින්ට ලබා දිය හැකිය — කුඩා ළමයින් සඳහා වෛද්‍ය අධීක්ෂණය සහිතව භාවිත කිරීම සුදුසුය |
| නැවත ලබාදීම | සති 2කට පසු නැවත ලබා දිය යුතුය |
Mebendazole — බොහෝ පණු වර්ග සඳහා
Mebendazole — කිරි පණු, පටි පණු සහ කොකු පණු (hookworm) ඇතුළු බොහෝ පණු වර්ග සඳහා භාවිත කෙරේ. පණුවන් වර්ගය අනුව මාත්‍රා ක්‍රමය වෙනස් වේ.
| පණු වර්ගය | මාත්‍රාව | කාලය |
|---|---|---|
| කිරි පණු (Pinworm) | 100 mg | එක් වරක් |
| පටි පණු (Roundworm) / කොකු පණු (Hookworm) සහ අනෙකුත් | 100 mg | දිනකට 2 වරක්, දින 3ක් |
| නැවත ලබාදීම | කිරි පණුවන් — සති 2කට පසු නැවත ලබා දෙන්න. අනෙකුත් පණු වර්ග — අවශ්‍යතාව සලකා බලා පමණක් ලබා දේ. | |
Albendazole — විශාල පණු වර්ග පරාසයක් සඳහා
Albendazole — ඉතා විශාල පණු විශේෂ ගණනක් සඳහා භාවිත කෙරේ.
| වයස් කාණ්ඩය | මාත්‍රාව | ආකාරය |
|---|---|---|
| අවුරුදු 2ට වැඩි | 400 mg | එක් වරක් — ආහාරයෙන් පසු |
| අවුරුදු 1 සිට 2 දක්වා | 200 mg | එක් වරක් — ආහාරයෙන් පසු |
| අවුරුදු 1ට අඩු | වෛද්‍ය උපදෙස් නොමැතිව ලබා නොදෙන්න | |
| නැවත ලබාදීම | අවශ්‍ය නම් සති 2කට පසු නැවත ලබා දෙන්න. | |
ගෙදර සියල්ලන්ටම ප්‍රතිකාර කළ යුත්තේ ඇයි?
කිරි පණු (pinworm) ආසාදනයකදී මෙය ඉතාම වැදගත්ය. කිරි පණු (pinworm) ආසාදනය ඉතා පහසුවෙන් ව්‍යාප්ත වේ:
- හස්ත ස්පර්ශය හරහා
- ඇඳුම් හරහා
- ඇඳ, කොට්ට හරහා
- ගෙදර — ස්පර්ශ කරන ඕනෑම මතුපිටක් හරහා
✔️ ඒ නිසා — ගෙදර / වාසස්ථානයේ සියල්ලන්ටම එකවර ප්‍රතිකාරය ලබා දීම ඉතාම වැදගත්.
ඉක්මන් තීරණ මාර්ගෝපදේශය
පණු ආසාදන ගැන සැකයක් ඇතිනම්:
නිතර අසන ප්‍රශ්න
- Pyrantel (Pyrantin): මාස 6ට අඩු ළමයින් — වෛද්‍ය අධීක්ෂණය සහිතව භාවිත කිරීම සුදුසු.
- Mebendazole: වයස අවු: 1ට අඩු — සාමාන්‍යයෙන් ලබා නොදෙයි.
- Albendazole: වයස අවු: 1ට අඩු — වෛද්‍ය උපදෙස් නොමැතිව ලබා නොදෙන්න.